කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිව ඝාතනය කරයි

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාව අභිරහස් ලෙස ඝාතනය කර තිබේ.

පීටර් හපුආරච්චි නමැති හිටපු උප සභාපතිවරයාව වනාතවිල්ලුව ප්‍රදේශයේ ඔහුට අයත් වතු යායක මුරකුටියක් තුළ අභිරහස් ලෙස ඝාතනය කර සිටියදී වනාතවිල්ලුව පොලීසිය විසින් සොයා ගෙන ඇත.

තිදරු පියෙකු වන පීටර් හපුආරච්චි මහතා මියයන විට 76 හැවිරිදි වියේ පසුවූ අතර ඔහු හිටපු විදුහල්පතිවරයෙකුද වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.