කුඩු අංජු ප්‍රංශයේදී හසුවෙයි

ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ කුඩු අංජු නමැත්තා ප්‍රංශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය තහවුරු කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ජාත්‍යන්තර පොලීසිය මගින් ඒ පිළිබඳව දැනුම්දී ඇති බවය.

ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ කුඩු අංජු නමැත්තා විදේශයන්හි සිට මෙරට තුළ සිය ජාවාරම් මෙහෙයවීමට කටයුතු කර තිබුණා.

ඔහු මීට දින කිහිපයකට පෙර ප්‍රංශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ බිරිඳ සමඟ ඇතිවූ ආරවුලක් මත ඇය විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.