IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ කාටද ?

ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්, ලක්නව් සුපර් ජයින්ට්, ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් සමත්වී තිබේ.

ඒ ප්‍රසාද ලකුණු 10 බැගින් හිමිකර ගනිමිනි.

එහි දෙවන ස්ථානයේ රැඳීසිටීමට රෝයල් චැලේන්ජස් බැංග්ලෝර් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 8 බැගින් හිමි කරගනිමිනි.

ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් වෙත හිමිවී තිබේ.

ඒ ප්‍රසාද ලකුණු 6 බැගින් හිමිකර ගනිමිනි.

Leave a Reply

Your email address will not be published.