අධිවේගී මඟේ ගබඩාව කඩන්න ආ පිරිසකට වෙඩි

කොළඹ වරාය හරහා දිවෙන අධිවේගී මාර්ගයේ වටිනා බඩු බඩුබාහිරාදිය ගබඩා කර තිබෙන භූමියට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් එහි වටිනා බඩු සොරා ගෙන යෑමට උත්සාහ කළ  අවස්ථාවේ වරාය ආරක්ෂක නිලධාරීන් කළ වෙඩි තැබීමකින් 4 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වෙරළබඩ පොලිසිය පවසයි.

එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

එම වෙඩි තැබීමේදී කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයකුට සුළු තුවාල ලබා ඇතත් ඔවුන් රෝහල්ගත වී නොමැති බව දැනගන්නට ලැබුණු බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ රාත්‍රියේ පැවසීය.

මෙම ස්ථානයට කඩා වැදුණු සමහර දෙනෙකු මත්ද්‍රව්‍ය ය වලට ඇබ්බැහි වූවන් බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

Leave a Reply

Your email address will not be published.