යුදහමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ රාජකාරි ගමනක් ගොස් නැවත හෙරොව්පොතාන දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් A – 29 මාර්ගයේ කිවුලකඩවල ප්‍රදේශයේ දී අනතුරට පත්ව තිබේ.

අනතුරට පත්වූ මෝටර් රථයේ පුද්ගලයින් තිදෙනෙක් ගමන් කර ඇති අතර අනතුරින් තුවාල ලැබු එක් තරුණයෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත.

මෝටර් රථය ගවයින් දෙදෙනෙකුගේ ගැටී පසුව බෝක්කුවක ගැටී රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුර සිදුව තිබුණි.

ඊයේ (30) රාත්‍රී 9.50ට පමණ අනතුර සිදුව තිබු අතර අනතුරින් 22 හැවිරිදි තරුණයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබීය.

තුවාලකරුවන් හොරොව්පොතාන රෝහලට ඇතළත් කිරීමෙන් අනතුරුව 19 හැවිරිදි තරුණයෙක් ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අලුත්වත්ත, මරදන්කඩවල පදිංචි  09 වන ගැමුණු හේවා බළකාය 582 බලසේනා මූලස්ථානය බගවත්ත හොරණ යුද හමුදා කඳවුරේ සේවය කළ 33 හැවිරිදි සෙබළෙකු හා නිකවැව හොරොව්පොතාන ලිපිනයේ පදිංචි R.R.සඳරු ප්‍රභාෂණ නැමැති 19 හැවිරිදි තරුණයෙකි.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇති මෝටර් රථයේ රියදුරු වන 30 හැවිරිදි උදයංග බංඩාර නැමැත්තා මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

Leave a Reply

Your email address will not be published.