සිසුවා අහුලා දුන් අත් පළඳනාව විදුහල්පති කාමරයේදී අතුරුදහන්

මීගමුව ප්‍රදේශයේ පාසල් භූමියක වැටී තිබියදී සිසුවකු  අහුලාගෙන  විදුහල්පතිට බාර දුන් වටිනා රන් ආභරණයක් නිල කාමරයේ කබඩ් එකක් තුළ තබා තිබියදී අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.

රුපියල් හතලිස් දහසක් පමණ වටිනා බ්‍රේස්ලට් එක අතුරුදහන් වී ඇති බවට කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

කිසියම් කටයුත්තක් සඳහා පාසලට පැමිණි කාන්තාවකගේ බේස්ලට් එක අස්ථානගත වී ඇතත් එය සොයාගැනීමට නොහැකි වී තිබිණි යැයි පොලීසිය පවසයි.

පාසල් භූමියේ වැටී තිබියදී සිසුවකු  මෙම බ්‍රේස්ලට් එක අහුලාගෙන විදුහලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ නිළධාරිනියන් දෙදෙනකුට භාරදී විදුහල්පතිනියගේ ද උපදෙස් මත එහි අයිතිකරු සොයා ගන්නා තෙක් පෙට්ටියක බහා කබඩ් එකක් තුළ දමා තිබේ.

නැති වූ බේස්ලට් එක පාසල් දරුවකු  අහුලාභාර දී තිබෙන බව දැනගත් එහි අයිතිකාරිය එහි අනන්‍යතාවය තහවුරු කර එය රැගෙන ඒම සඳහා විදුහලට ගොස් ඇතැයි කියති.

පෙට්ටියක බහා කබඩ් එකක් තුළ තිබූ මෙම බ්‍රේස්ලට් එක අතුරුදහන් වී ඇති බව දැනගත් එහි අයිතිකාරිය මේ බව කොච්චිකඩේ පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම බ්‍රේස්ලට් එකේ අයිතිකාරිය කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

බ්‍රේස්ලට් එක කබඩ් එකක් තුළ සුරක්ෂිතව තිබියදී අතුරුදහන් වීම තවමත් අභිරහසක් යැයි පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published.