ඉන්ධන කෝටා ක්‍රමය හා ආනයන සීමා ඉවතට ?

ඉදිරියේ QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම නවතන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ(01) එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට එක්වෙමින්.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට ආර්ථිකය ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණ ගැනීමට නියමිත බවයි.

තවද පවතින ආනයන සීමා ද ලිහිල් කිරීමට ද සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

සියයට 70ක්ව පැවති උද්ධමනය මේ වනවිට සියයට 35 මට්ටමට පැමිණ ඇති බවත් එය මේ වසර අවසන් වනවිට එය තනි ඉලක්කමක් දක්වා ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.