සරසවි ඇදුරන්ගේ ඉටුනොවුණු බලාපොරොත්තුව

ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව සඳහා අද (02) දිනය තුළ දිනයක් ලැබෙනු ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් අනතුරුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන බවය.

“උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අධීක්ෂණ කටයුතු සඳහා මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරු සමග සාකච්ඡාවක් විශේෂයෙන්ම ජනාධිපතිවරයා සමග ඉල්ලා සිටියා. ඒ රැස්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීලා තියෙනවා අද දිනයේ මේ සම්බන්ධයෙන් දිනයක් අපට ලබාදෙන බවට.”

Leave a Reply

Your email address will not be published.