පුටින් ඝාතන තැත වළක්වා ගනී

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඝාතනය කිරීමට යුක්රේනය උත්සාහ කළ බව රුසියාව අද (03) චෝදනා කළේය.

ක්‍රෙම්ලිනයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකරමින් ජනාධිපති පුටීන් ඝාතනය කිරීමට යුක්රේනය උත්සාහ දැරූ බවට රුසියාව චෝදනා කර ඇත.

රුසියාව චෝදනා කරන ආකරයට තමන් ක්‍රෙම්ලිනයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ නොකළ බව යුක්රේනය පවසා තිබේ.

එය යුක්රේනය පහර දීම සාධාරණීකරණය කිරීම සදහා රුසියවේ සැලැස්මක් බව යුක්රේනය චෝදනා කර ඇත.

ක්‍රෙම්ලිනය යුක්රේනයට මෙසේ චෝදනා කළත් ප්‍රහාරය පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.

තම රට සුදුසු යැයි සිතන මොහොතක මෙම ප්‍රහාරයට පිළිතුරු දීමට රුසියාවට අයිතියක් තිබෙන බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත. රුසියනූ හමුදාව ප්‍රහාරය සදහා පැමිණි ඩ්‍රෝනයාන දෙක විනාශ කළ බව ක්‍රෙම්ලිනය පවසා තිබේ. යුක්රේනය රුසියාවේ හදවතට පහරදීමට කළ උත්සාහය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකන බවත් ජනාධිපති පුටීන් ඝාතනය කිරීමට දැරු උත්සාහයක් බවත් ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published.