ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට එමිරේට්ස් සමග ගිවිසුමක්

ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ එමිරේට්ස් සමාගම අතර තිබූ ගිවිසුම තවදුරටත් යාවත්කාලීන කර තිබේ.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සාධනීය පිටුවහලක් එමගින් ලැබේයැයි අපේක්ෂා කරන බවය.

Leave a Reply

Your email address will not be published.