පාරිභෝගික නිලධාරීන්ට පහරදුන් 4ක් අත්අඩංගුවට

නාරම්මල ප්‍රදේශයේදී වැටලීමක් සදහා ගිය පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිළධාරීන් පිරිසකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පහරදීමට අදාළව සත්ත්ව ගොවිපොළේ හිමිකරුද අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවය.

නාරම්මල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළක බිත්තර තොග සගවාගෙන සිටින බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ඊයේ පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිළධාරීන් පිරිසක් ගොස් තිබුණි.

එහිදී එය වළක්වමින් එම ස්ථානයේ සිටි පිරිසක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන්ට පහරදී තිබු අතර එහිදී නිළධාරීන් 05 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.