දින 4ක් වයස බිළිඳෙකු දමා යයි

වත්තේගම ඇල්කඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක බුදු මැදුරක් අසල දමා ගොස් තිබූ බිළි‌ඳෙකු සොයාගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව වත්තේගම පොලීසිය විසින් එම බිළිඳා සොයාගෙන ඇති බව සඳහන් ය.

දින 4ක් පමණ වයසැති බිළිඳා මහනුවර රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

බිළිඳාගේ මව සහ පියා සොයා විමර්ශන ආරම්භ කර ඇති බව වත්තේගම පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.