ළිඳකට වැටී කුඩා දැරියක් මරුට

යාපනය, ඉලවාලෙයි, වසන්දුපුරම් ප්‍රදේශයේ ආනාරක්ෂික ළිඳකට වැටී වයස අවුරුදු දෙකහාමාරක දැරියක් ඊයේ(09) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉලවාලෙයි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ, කරුණානිධි රක්ෂිකා නමැති දැරිය පියා නිවසින් බැහැරව සිටි අවස්ථාවක මව සමඟ නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති බවය.

දැරියගේ මව නිවසේ සාලයේ කිසියම් කටයුත්තක් කරමින් සිටි අවස්ථාවේ දැරිය මවගෙන් මිදී නිවස ඉදිරිපස ළිඳ ළඟට ගොස් ඇති අතර එහිදී ළිඳට වැටී ඇති බව මුලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

දැරියව අසල්වාසීන් එක්ව ළිඳෙන් ගොඩගෙන යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි වෛද්‍යවරුන් සඳහන් කොට ඇත්තේ දැරිය මියගොස් ඇති බවය.

දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published.