වෙඩික්කරුගේ කුරුමාණම වරදී

අහංගම මිදිගම වැකඩ පදිංචි පුද්ගලයෙකු ඉලක්කකර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී 56 ගිනි අවියකින් වෙඩි තැබිමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක නොවිම නිසා වෙඩික්කරුවන් පලාගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ඊයේ (09) රාත්‍රි අටට පමණ වෙළඳසල තුල සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබිමට උත්සාහ කර ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නැත.

ඉලක්කය වැරදුණ  වෙඩික්කරුවන්පසුව ගිනි අවියද රැගෙන පලාගොස් ඇතැයි  පොලීසිය කියයි.

වෙඩි තැබිමට ඉලක්කකර ඇති පුද්ගලයා දැනට අත්අඩංගුවේ සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා යන සැකකරු නිදහස් නොකරන ලෙසට බල කරමින් කොළඹ සහ මිදිගම හන්දියේදි පවත්වනලද  විරෝධතා සංවිධානය කරන ලද පුද්ගලයෙකු බවත් එයට පලි ගැනිමක් ලෙස හරක් කටාගේ ගෝලයින් විසින් මෙසේ  වෙඩි තැබිමට උත්සාහ කර ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

Leave a Reply

Your email address will not be published.