X-PRESS PEARL නෞකාවෙන් සිදු වූ හානියට ලංකාවේ නඩු පවරනු – පරිසර, සිවිල් සංවිධාන විරෝධතාවයක.

සමාජවාදි තරුණ සංගමය හා පරිසර, සිවිල් සංවිධාන විසින් අද (10) දින “X-PRESS PEARL” නෞකාවෙන් සිදු වූ හානියට ශ්‍රීලංකාවේදී නඩු පවරා පරිසරය විනාශ කළ පුද්ගලයින් හෙළි කරන ලෙස රජයට බලකරමින් පොල්දූව වටරවුම අසලදී විරෝධතාවයක් පවත්වන ලදි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා

“ලෝකයේ රසායනික ද්‍රව්‍ය වලින් සිදුවු දැවැන්තම සාගර හානිය X-PRESS PEARLනැවෙන් සිදුවුණා. අපි පරිසර, සිවිල් සංවිධාන එකතුවෙන් රනිල් – රාජපක්‍ෂ ආණ්ඩුවට බලපෑම් කරනවා වහාම පරිසර ඝාතකයන් හෙළි කරන ලෙස හා ලැබිය යුතු වන්දි මුදල් ලබාගන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා”

මෙම විරෝධතාවය සඳහා ජා. ජ. බ. කොළඹ නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූ බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.