බඩෝවිට ලොකු මල්ලී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තාගේ සමීපතමයෙකු වන  චමින්ද කුමාර සිල්වා හෙවත් “බඩෝවිට ලොකු මල්ලී” හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැවපාර, අත්තිඩිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක්දී සැකකරු අත්අඩංගුවට ගෙත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

අදාළ සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු වන බව සඳහන්ය.

මොටර්ථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ මොටර් රථය තුළ රුපියල් ලක්ෂ 03ක පමණ වටිනාකමක්න් යුත් හෙරොයින් ග්‍රෑම් 16කට අසන්න ප්‍රමාණයක් සහ තියුණු ආයුධ දෙකක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවේය.

සැකකරු දෙහිවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඔහු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.

Leave a Reply

Your email address will not be published.