කුරුණෑගල රෝහලේ වෛද්‍යවරු වර්ජනයක

කිසියම් පුද්ගලයෙකු විසින් වෛද්‍යවරුන්ට තර්ජනය කිරීමේ සිදුවීමක් මුල්කර ගනිමින් අද (11) උදෑසන සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සිය රාජකාරිවලින් ඉවත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, අදාළ පුද්ගලයාව අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් විරෝධය පළ කිරීම සඳහා වෛද්‍යවරු අද දින හදිසි ප්‍රතිකාර කටයුතු හැර සෙසු සියලුම ප්‍රතිකාර කටයුතුවලින් ඉවත්ව ඇති බවය.

මේ හේතුවෙන් අද උදෑසන රෝහලට පැමිණි රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්වූ බව වාර්තා වේ.

වර්ජනය හේතුවෙන් භාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සහ සායනික කටයුතු සියල්ල ද අඩපණ වී ඇති අතර ජලභීතිකා එන්නත් කිරීම පමණක් සිදුකෙරුණි.

වර්ජනය හෙට (12) උදෑසන 8 දක්වා ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published.