හරීන් සමග වඩිවෙල් අලුත් ගමනකට සැරසෙයි

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පවසයි.

ඔහු පැවසුවේ පක්ෂ පාට භේද පසෙකලා තමා ඉදිරියේ දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානම් බවය.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැස්වීමකට එක්වෙමින් වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

“හරීන් ඇමති වැඩකරන්න දක්ෂයි. මාධ්‍යට මෙතැන ප්‍රශ්නයක් එයි වඩිවේල් සුරේෂ් මෙතැන ඉන්නේ කියලා. මට ඒ පක්ෂය මේ පක්ෂය කියලා නෑ. මම හරීන්ගේ පක්ෂයේ. ඒක හොඳට දාන්න. ඒක එයා හොඳට දන්නවා. අපි ඉදිරියට එකට තමා යන්නේ. ඡන්දේ ඉල්ලන්නෙත් හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා එක්ක. මට ලාංඡන, පක්ෂ ප්‍රශ්නයක් නෙමෙයි. එයා එක්ක තමා ඒ ගමන යන්නේ. අපේ වෘත්තීය සමිති සභාපතිතුමා, මහලේකම්තුමා එක පැත්තක ඉන්න. දෙන්නම එකපැත්තේ තමා ඉන්න ඕනේ. ඒකත් අපි තේරුම් අරගෙන තියෙන්නේ. වේලාව හරියට එද්දි අපි දෙගොල්ලෝම එකට යන්නේ.”

Leave a Reply

Your email address will not be published.