පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරයට කාන්තාවක් පත් වෙයි

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය සඳහා කේ.ඒ. රෝහණධීර මහත්මිය පත් කෙරේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එළඹෙන මැයි මස 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

කේ ඒ රෝහණධීර මහත්මිය මේ වනවිට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධුරය හොබවයි.

Leave a Reply

Your email address will not be published.