7/2023 චක්‍රලේඛයට එරෙහිව වෘත්තීය සමිති මානව හිමිකම් කොමිසමට..

මැතිවරණ අපේක්ෂක චක්‍රලේඛයෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවකයන්ට සිදුකර ඇති අසාධාරණයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම අද (16) සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේඛම්  චන්දන සූරියආරච්චි ඇතුළු වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

2023.05.08 දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛණය 07/2023 මඟින් ආයතන සංග්‍රහයේ xxxii පරිච්ඡේදයේ දේශපාලන හිමිකම් සහිත නිලධාරීන් යටතේ 2023 පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්ව ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල්දමා ඇති මොහොතක උක්ත චක්‍රලේඛය මඟින් එම නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම මඟින් මූලික අයිතීන් කඩවීමක් සිදුව ඇති බවට සදහන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published.