නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම්. චාල්ස් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මීට ස්වල්ප වෙලාවකට පෙර පත් කරනු ලැබුවේය.

මින් පෙර වයඹ ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩත්, උතුරු පළාත් ආණඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගාරාජාත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුරාධා යහම්පත් ද කටයුතු කළහ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම ආණ්ඩුකාරවරුන්ට ඉවත්වන ලෙස දන්වා සිටිය ද ඉවත් නොවූ බැවින් ජනාධිපතිවරයා මැදිහත්වී ඔවුන්ව ඉවත්කර තිබිණි

Leave a Reply

Your email address will not be published.