“එල්ටීටීඊ සැමරුම් එපා” බොරැල්ල කනත්ත වටරවුම උණුසුම්වෙයි

යුධ සමයේ මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා සංවිධානය කළ සැමරුම් උත්සවයක් අද (18) පෙරවරුවේ දී බොරැල්ල කනත්ත වටරවුමේ දී පැවැත් වුණා.

යුද්ධයෙන් දෙමළ ජනතාව මිය ගිය බව පවසමින් ඔවුන් සැමරීම උදෙසා බොරැල්ල මංසන්ධියේ අද පැවති සැමරුමක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

වෙල්ලමුල්ලිවෛක්කාල්හි දී 2009 වසරේදි දෙමළ ජනතාව මිය ගිය බව පවසමින් ඔවුන් සැමරීම සඳහා බොරැල්ල කනත්ත වටරවුමේ දී මෙම සැමරුම් උත්සව සංවිධාන කර තිබුණා.

ඒ දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමාණික්‍ම් මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

ඊට ජනතා විරෝධය පළ වීමත් සමගයි උණුසුම් තත්ත්වයක් හට ගැනුනේ.

එම ස්ථානයට පැමිණි පාර්ශවයක් ඊට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් අතර පොලීසිය සහ කැරලි මර්ධන ඒකකය මැදිහත් වී පිරිස විසුරුවා හැරීමටයි කටයුතු කළේ. එහිදී පිරිසක් ‘එල්ටීටීඊ සැමරුම් එපා’ යනුවෙන් සඳහන් බැනර් අතැතිව විරෝධතාවයේ නිරත වන අයුරු දැකගත හැකි විය.

යුද හමුදාව, පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ මැදිහත් වීමෙන් තත්ත්වය සමතයකට පත් කෙරුණා.

Leave a Reply

Your email address will not be published.