උමා ඔය විදුලිය මාස 4කින් ජාතික පද්ධතියට

උමා ඔය ව්‍යාපෘතියෙන් විදුලිබලය සැප්තැම්බර් මස ජාතික පද්ධතියට එක් කිරීමට සූදානම් වෙයි.

උමා ඔය බහුකාර්ය වාරිමාර්ග පහසුකමෙහි ඉදිකිරීම් සමාගම වන ෆරාබ් ප්‍රකාශ කර ඇත්තේ උමා ඔය ජල විදුලි බලාගාරයේ 1 වන ඒකකය 2023 අගෝස්තු මස සිට විදුලිබල මණ්ඩලයට සැපයිය හැකි බවයි.

2023 සැප්තැම්බර් වන විට ඒකකය 2 හි විදුලිය උත්පාදනය කිරීමට හැකි වනු ඇති බවද එම සමාගම ප්‍රකාශ කර ඇත.

මෙහිදී සම්පූර්ණයෙන් මෙගාවොට් 120 ක ජල විදුලියක් අවසානයේ ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.

ෆරාබ් සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අලි වකිලි, උමා ඔය ව්‍යාපෘති කළමනාකරු සහ ෆරාබ් සමාගමෙහි නියෝජිතයින් ඊයේ (18) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී අමාත්‍ය කංචන විජේසේකර මහතා හමු වූ අවස්ථාවේදී මේ බව දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published.