ඩෙංගු රතු කට්ට පනී! අධි අවදානම් කලාප 57ක් නම් කරයි!

දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 370 අතරින් 17% ක් එනම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 57ක් ඩෙංගු අධි අවදානම් කලාප බවට හඳුනාගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මැයි 01 වනදා සිට 20 දින දක්වා මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5,967 ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.

පවතින ඩෙංගු අවධානය අවම කර ගැනීම සඳහා ජනතාව සිය පරිශ්‍ර ජලය නොරැඳෙන සේ පිරිසිඳු කර ගැනීමට කටයුතු කළ යුතු බවයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

මේ දක්වා ඩෙංගු රෝගයෙන් මියගිය බොහෝ දෙනෙකු මිය යාමට හේතුවී ඇත්තේ ප්‍රමාදවී රෝහල්ගතවීම බවත් යම් පුද්ගලයෙකුට පළමු සහ දෙවන දින වනවිට උණ අඩුවීමක් සිදු නොවන්නේ නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු හමුවට යා යුතු බවයි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.

සතියකට ඩෙංගු රෝගීන් 2000ක් පමණ වාර්තාවන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේ අතරින් ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රක්කවල ඉහළ අවදානමක් ඇති බවයි වාර්තාවන්නේ.

මෙරට ඩෙංගු මරණ සංඛ්‍යාව අද දින වන විට 23ක් ලෙස දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published.