පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ජුනි මස 03 වන දින වසා දැමීමට තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් දින 7ක් සුරාසැල් වසා තැබීමට නියෝග කර ඇති බවයි.
ඒ අනුව රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව මැයි 31 වැනිදා සිට ජුනි මස 06 වැනිදා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් එම දිනයන් හිදී වසා තැබීමට තීරණය කර තිබෙනවා.
එම දිනයන්හි දී සුරාසැල් වැසීමට කටයුකු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.