තමිල්නාඩුවේදී සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් මරුට

තමිල්නාඩුවේදී සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර් තා පවසන්නේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19,20 සහ 21 හැවිරිදි වියේ පසුවූ තරුණයින් තිදෙනෙකු බවය.

ඔවුන් නමින් දයාලන්, ජෝන් සහ චාල්ස් වන බව එම වාර්තා වල දැක්වේ.

ඔවුන් තිදෙනාම යතුරුපැදියක ගමන්කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්ව ඇත.

ඔවුන් තමිල්නාඩුවේ ගුම්මිඩිපූන්ඩි හි සරණාගත කඳවුරක රඳවා සිටියදී සුළු රැකියාවල නිරතව සිට ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.