විදුලි බිලට ජුලි මාසයේ සිට ලොකු සහනයක්

ඒකක බින්දුවේ සිට 30 දක්වා  විදුලිය පරිභෝජනය කරන ලක්ෂ දාහතකට  වැඩි පිරිසකගේ විදුලිබිල ජුලි මාසයේ සිට  සියයට 23 කින් අඩු කිරීමට යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී  අද (24) පැවසීය.

එසේම සියයට 31 සිට  හැට  දක්වා පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට නවයකින් අඩු කිරීමට යෝජනා කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ස්ථාවර ගාස්තුව රුපියල් හාරසියය රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බවද  සඳහන් කළේය.

හෝටල්  ක්ෂේත්‍රයේ විදුලි බිල අවමය  සියයට  29 – 40 දක්වා  අඩු කිරීමට යෝජනා කර ඇතැයිද ඔහු කීවේය

විජේසේකර මහතා මෙසේ පැවසූවේ  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

Leave a Reply

Your email address will not be published.