අපුරේ පාසල් බස් 106කින් 65 කබල් ඒවා

අනුරාධපුර නගරයේ පාසල් සඳහා ළමුන් ප්‍රවාහනය කෙරෙන බස් රථ පරීක්ෂාවකදී  පාසල් බස් රථය 106ක ප්‍රමාණයකින් බස් රථ 65ක්  ප්‍රවාහනයට නුසුදුසු බව අනාවරණය විය.

මෙහිදී ඇතැම් බස් රථවල ධාවනයට හා ආරක්ෂාවට බාධාවන ලෙස සවි කර තිබු අමතර අංගෝපාංග ඉවත් කිරීම, අමතර නලා ඉවත් කිරීම සඳහා උපදෙස් ලබා දෙනු ලැබූ අතර ධාවනයට නුසුදුසු තත්වයේ කාර්මික දෝෂ පැවැති බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමටත් මෙහිදී කටයුතු කෙරිණි.

එම පුද්ගලයන් සඳහා එම බස් රථ අලුත්වැඩියා කර දින 14ක් ඇතුළත දී නැවත පොලිස් නිලධාරීන්ගේ හා මෝටර් රථ නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමට උපදෙස් ලබා දීමට ද එම මෙහෙයුමට එක්වු නිලධාරීන් එම රියදුරන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.