කසිප්පු ජාවාරම පී.සීට කැත්තකින් කොටලා

කසිප්පු ජාවාරම්කරුවකු අල්ලන්න ගිය පොලිස් සැරයන්වරයකුට කසිප්පු ජාවාරම්කරු කියන තැනැත්තා  කැත්තකින් කොටා බරපතළ තුවාල සිදුකර ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.

ඇටවීරගොල්ලෑව මොරගොඩ ප්‍රදේශයේ දී මෙලෙස කැති ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන් වරයෙකි.

මොරගොඩ ප්‍රදේශයේ පදිංචි පනස් හත් හැවිරිදි සැකකරුගේ ගෙවත්තේ නීති විරෝධී මත්පැන් සඟවා ඇති බවට ඇටවීරගොල්ලෑව පොලීසියට ලද තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් ඉලක්ක කරගෙන මෙම කැති ප්‍රහාරය එල්ලකර ඇතැයි පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published.