ඉන්දීය විදේශ ඇමතිගෙන් සැර ප්‍රකාශයක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට වඩා වැඩියමක් ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ අසල්වැසි රටක් ලෙස ශ්‍රී ලංකාව සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට මෝදි රජය පියවර ගෙන ඇති බවය.

එරට පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවැති දේශනයකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් .ජයශංකර් එම අදහස් පළ කර තිබේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව ඉතා ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණදුන් අතර එහිදි ඉන්දියාව විසින් කිසිදා නොකළ ආකාරයට ශ්‍රී ලංකාවට සහාය ලබාදුන් බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published.