ජෙරම්ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ලංකාවට

බුදුදහමට අපහාස වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු පිළිබඳව යළිත් අවධානයක් යොමුවී තිබේ.

ඒ ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා මෙරටට පැමිණ සිටින බවට වාර්තාවීමත් සමගය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ඊයේ (02) රාත්‍රි 10.45ට පමණ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ තිබේ.

ඒ සිංගප්පූරුවේ සිටය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.