විකාශන අධිකාරී පනත ගැන විපක්ෂයෙන් තීරණයක්

වත්මන් රජය ගෙනඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධවීමට සහ එය පරාජය කිරීමට ගතයුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) ඒ බව පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ මෙම පනත හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරිවී ඇති කොටසත් විනාශ කිරීම සිදුවෙන බවය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සිව්වැනි කුලුන වන්නේ නිදහස් මාධ්‍ය බවද සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

Leave a Reply

Your email address will not be published.