ජෙරම්ගේ FR පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

ඒ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනී.

එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ එය කැඳවීය.

එහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දැක්වීමට අවස්ථාව අයැද සිටියේය.

එම ඉල්ලීමට පෙත්සම්කාර ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විරෝධය පළකළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින්
මේ පිළිබඳ කරුණු විමසීම සුළු වෙලාවකට කල් තබනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.