බැංකු සුද්දෙක් ගම්පහින් අල්ලයි

අන්තර් ජාලය හරහා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිනුම්වලින් මුදල් තම බැංකුවට බැර කර ගත් බව කියන පුද්ගලයකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි.

සැකකරු සතුව තිබූ ඡංගම දුරකතන හතරක්, කුඩා ජංගම දුරකතන තුනක් සිම් කාඩි 73ක් පොලිස් බාරයට ගෙන ඇත.

ගම්පහ නගරයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයකු ගැන සැක සිතූ නගර රාජගාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම තොරතුරු අනාවරණය වී ඇත.

ගම්පහ, කැස්බෑව, රාගම, වේයන්ගොඩ, හෙට්ටිපොළ, පානදුර දකුණ කළුතර, තිහගොඩ කෑගල්ල, අනුරාධපුර, ග්‍රෑන්පාස්, ගොඩකවෙල, යන පොලිස් ස්ථානවලට සැකකරුව එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇතැයි ද පොලිසිය පවසයි

කදාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙකි.

Leave a Reply

Your email address will not be published.