එක්දරු මවක් ඝාතනය කරයි

කොස්ගොඩ, කයිකාවල, ඇටවලවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු මවක් සිය නිවසේ මිදුලේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්වූ කේ.බී. චාන්දනී නම් මෙම කාන්තාවගේ සැමියා විදෙස්ගතව සිටින අතර, ඇය නිවසේ සිට ඇත්තේ සිය 12 හැවිරිදි දියණිය සමගය.

දියණිය පාසල් යාමට පිටත්ව ගිය පසු අද (12) උදෑසන 6.50ත් 7.05ත් අතර කාලය තුළ මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තා වේ.

සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකෙරුණු අතර, මෙතෙක් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නැත.

Leave a Reply

Your email address will not be published.