පුතුගේ අභිරහස් මරණය ගැන මවගෙන් සංවේදී හෙළිදරව්වක්

බදුල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු සැකකටුයුතු ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසිලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස දෙමාපියෝ ඉල්ලා සිටිති.

පසුගිය 08 වනදා මෙම සිසුවා මීගහකිවුල නගරයේ තොරණක් බැලීම සඳහා නිවසින් පිටත්ව ගොස් තිබුණි.

එදින රාත්‍රීයේ 12ට පමණ මෙම තරුණයාගේ මවට ඔහුගේ දුරකථනයෙන්ම ඇමතුමක් ලැබී තිබුණේ,  10 කණුව, තල්දෙන ප්‍රදේශයේ පාලමක් අසල බරපතළ තුවාල සහිතව වැටී සිටින බවටය.

යාපනය සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක සිටි අයෙකු එම තරුණයා දැක පොලීසියට හා නිවැසියන්ට එලෙස දැනුම් දී ඇත.

පසුව සුවසැරිය ගිලන් රථයකින් මෙම තරුණයා බදුල්ල රෝහල වෙත රැගෙන විත් තිබුණි.

බරපතළ තුවාල සහිතව රෝහල් ගත කර සිටි එම සිසුවා පසුගිය 12 වනදා මියගොස් තිබුණි.

එසේ මියගොස් ඇත්තේ, 19 හැවිරිදි ඩබ්ලිව්. එම්. ශාන්ත සම්පත් නැමැති බදුල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ වඩුකර්මාන්තය පිළිබඳව පාඨමාලාවක් හදාරමින් සිටි අයෙකි.

Leave a Reply

Your email address will not be published.