ජාතික රෝහලේ තවත් පරීක්ෂණ අංශයක් ඇණහිටී ?

ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශය මාස දෙකක කාලයක සිට අක්‍රීයව පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් මසකට රුපියල් ලක්ෂ 300ක පමණ පරීක්ෂණ පෞද්ගලික රසායනාගාර වෙත යොමුකරන බවය.

මුත්‍රා පරික්ෂණ, සෙම පිළිබඳව ක්ෂුද්‍රජීවවේදී පරීක්ෂණ, ප්‍රතිජීවක ඖෂධ සංවේදීතාවය පිළිබඳ පරීක්ෂණ ඇතුළු පරික්ෂණ රැසක් මේ වන විට නතර වී ඇති බව රවි කුමුදේෂ් මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.