ඉතිහාස පොතට ගිය ගුවන්යානා ඇණවුම

වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම ගුවන්යානා ඇණවුම ලබාදීමට ඉන්දීය ගුවන් සමාගමක් සමත්වී තිබේ.

ඉන්දියාවේ “IndiGo” සමාගම A320 එයාබස් 500ක් සඳහා ඇණවුම් කර ඇති අතර ඊට අදාළ මිලදී ගැනීමේ ගිවිසුමට ඔවුන් එළඹී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනය “පැරිස් ගුවන් ප්‍රදර්ශනය” ආරම්භක දිනයේදී නිකුත්කළේය. එම ඇණවුම ඩොලර් බිලියන 55ක වටිනාකමකින් යුත්තය.

ඒ සමගම “IndiGo” සමාගමේ ගුවන්යානා සංඛ්‍යාව 1,330ක් දක්වා ඉහළ යයි.
 
එම ගුවන්යානා 2030-35 අතර කාලසීමාවේදී “IndiGo” සමාගමට ලැබීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.