පෞද්ගලික බස් සේවකයෝ පසුබසී

පසුගිය 20 වනදා ආරම්භ කළ කොට්ටාව බස් වර්ජනය අද (22) උදෑසන අවසන් කිරීමට පෞද්ගලික බස් සේවකයින් පියවර ගෙන තිබේ.

255 කොට්ටාව – ගල්කිස්ස 174 කොට්ටාව – බොරැල්ල ඇතුළු මාර්ග අංක 4ක බස් පසුගිය දින කිහිපයෙහි ධාවනයෙන් ඉවත්ව තිබුණි.

ඔවුන් එසේ වර්ජනය කර තිබුණේ සුඛෝපභෝගී බස් රථයක් සේවයට එක්කිරීමට විරෝධය දක්වමිනි.

වර්ජනයේ නිරතව සිටි බස් රථ රියදුරන් සහ බස් කොන්දොස්තරවරුන් කියාසිටියේ සිය විරෝධයට විසඳුමක් නොලැබීම හේතුවෙන් තාවකාලිකව බස් වර්ජනය අවසන් කළ බවය.

Leave a Reply

Your email address will not be published.