IMF නිර්දේශවලින් සියයට 29 ක් සපුරා ඇති බව හෙළි කෙරේ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලින් සියයට 29 ක් සපුරා ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වෙයි.

කොළඹ පදනම් වූ තින්ක් ටෑන්ක් වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනය මෙම සමීක්‍ෂණය සිදු කර ඇත.

කෙසේවෙතත්, එම වාර්තාව අනුව පසුගිය මැයි මස අවසානය වනවිට එම නිර්දේශවලින් රාජ්‍ය ආදායමට සම්බන්ධ ප්‍රධාන කාරණා 03 ක් ඉටු කිරීමට ලංකාව අසමත් වී තිබේ.

එනම් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.1 දක්වා ඉහළ නැංවීම හෙවත් රුපියල් බිලියන 650 ක බදු ආදායමක් මැයි මස අවසානය වනවිට ලබා ගැනීමට ලංකාව අසමත් වී ඇති බව එම වාර්තාවේ සඳහන්ය.

එමෙන්ම ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බද්දට අදාළ බදු අනුපාත ඉහළ නැංවිය යුතු බවට නිර්දේශ ඉදිරිපත්ව තිබුණත්, එය ද සිදු කිරීමට මෙතෙක් සමත් වී නැහැ.

සූදු ක්‍රීඩාවේ වාර්ෂික බද්ද රුපියල් මිලියන 500 දක්වා ඉහළ නැංවීමත්, නියෝජිතයින් හරහා ඔට්ටු ඇල්ලීම් සඳහාවන වාර්ෂික බද්ද රුපියල් මිලියන 5 ක් දක්වා ඉහළ නැංවීමත්, දළ එකතුව මත බද්ද සියයට 15ක් දක්වා ඉහළ නැංවීම ආදී කාරණා සැපිරීමට ද ලංකාව අපොහොසත් වී ඇතැයි තින්ක් ටෑන්ක් වෙරිටේ රිසර්ච් වාර්තාවේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published.