කපා කොටා තරුණයකු මරලා

නාගලගම් වීදිය ගෑස් අලෙවිසලක් ආසන්නයේදී අද සවස  පුද්ගලයන් තිදෙනෙකු විසින් මන්නා පිහිවලින් කපා කොටා තරුණයකු ඝාතනය කර පළා ගොස් ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ වැල්ලම්පිටිය වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වකුමාර් ශාමල් සසිඳු යන විසිපස් හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයකු හඳුනා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් හටගෙන තිබූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි.

මෙම තරුණයා ඝාතනය කර පලාගිය පලා ගිය තිදෙනා අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්පාස් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Leave a Reply

Your email address will not be published.