තවත් බස්රථයක් අනතුරක – 2ක් මරුට

අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවු තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.

කූරගල වන්දනාවේ ගොස් යළි නිවෙස්න බලා ගමන් කරමින් සිටි බස් රථයක් අඹන්පොළ ප්‍රදේශයේ දී මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර පූඩළුඔය දුනුකේදෙණිය – මඩකුඹුර මාර්ගයේ දී බස් රථයක් බෑවුමකට පෙරළි සිදුවු අනතුරකින් පුද්ගලයින් 26දෙනෙකු තුවාල ලැබීය.

මේ අතර පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අනතුරින් තවත් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

කදුරුවෙල සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වු මෙම බස් රථය කොටලීය ඔයට පෙරළීමෙන් එම අනතුර සිදුව තිබුණි.

බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඔයට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් මියගිය පුද්ගලයින් අතර එක් කාන්තාවක් ද වන අතර තුවාල ලැබුවන් 41දෙනා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර පූඩළුඔය දුනුකේදෙණිය – මඩකුඹුර මාර්ගයේ දි බස් රථයක් බෑවුමකට පෙරළි සිදුවු අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලැබීය.

තලවකැලේ ප්‍රදේශයේ පිහිටි වතුයායක සේවය කරන වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව බෑවුමකට පෙරළ අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය පැවසුවේය. 

අනතුරින් තුවාල ලැබු පිරිස් ප්‍රතිකාර සඳහා කොත්මලේ සහ මල්දෙණිය යන රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුඩළුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.