අස්වැසුමේ අභියාචනා සලකාබැලීම ඇරඹෙයි

අස්වැසුම සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාලසීමාව ජුලි මස 10 වනදායින් අවසන් කෙරුණි.

ඒ අනුව, මෙම දීමනා සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් සලකා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මෙම අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකරනු ලබන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම මෙම දීමනා අවශ්‍ය සියලුම පාර්ශ්වයන් හඳුනාගනිමින් , “අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඔවුන් ඇතුළත් කිරීමේ කටයුතු ද විනිවිදභාවයකින් යුතුව සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published.