බස් රථයක් ගිනිගනී

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී බස් රථයක් එක්වරම ගිනිගැනීමට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙල්බර්න්හි west gate පාලම මතදී මෙලෙස බස් රථයක් ගිනිගැනීමට ලක්ව ඇති බවය.

බස් රථය ගිනිගැනීමත් සමග west gate පාලමේ සියලුම පිටවීමේ මංතීරු වසා දමා ඇති බව ද එම මාධ්‍ය සඳහන් කරයි.

ගිනිගැනීම හේතුවෙන් බස් රථයේ සිටි කිසිවෙකුටත් හානියක් සිදුව ඇතිද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

Leave a Reply

Your email address will not be published.