ගුරු පුහුණු විද්‍යාපීඨ 19ම විශ්වවිද්‍යාල වෙයි

අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව පවතින විද්‍යාපීඨ 19ම ඉදිරියේදී විශ්වවිද්‍යාල බවට පත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පතන ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ.

ඒ අනුව ඉදිරියේදී විද්‍යාපීඨ සඳහා බඳවාගනු ලබන්නේ වසර 3කට නොව වසර 4කට බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මේ හරහා උපාධිධාරී පුහුණු ගුරුවරුන් පාසල් වෙත හිමිවන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ඒ තුළ ශිෂ්‍ය සංගම් සෑදීම සඳහා අවකාශය හිමි නොවන බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවත් ඒවා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.