ඉන්දියාවේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට

උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ අලක්නන්දා ගං ඉවුරේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

අනතුරෙන් පොලිස් නිලධාරියකු හා ග්‍රාමාරක්ෂකයන් පස් දෙනෙකුද මියගොස් ඇති බව වාර්තා වෙයි.

NDTV ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කරන පරිදි ට්‍රාන්ස්ෆෝමරය පුපුරා ගොස් චමෝලි නගරයේ පිහිටි පිපල්කෝටි ගම්මානයේ පාලමක් මතට වැටී ඇති අතර, පාලම හරහා විදුලිය ගමන් කර ඇත.

තුවාලකරුවන් දිස්ත්‍රික් ප්‍රධාන රෝහලට ඇතුළත් කර ඇති අතර,  උත්තරකාන්ද් ප්‍රාන්ත මහඇමති පුෂ්කර් සිං ධාමි විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස බලධාරින්ට නියෝග කර ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.