තලෙයිබාන් පාලනය දැරියන්ගේ පාසල් ගමන තහනම් කරයි

කාන්තා අයිතීන් මර්දනය කිරීමේ තවත් පියවරක් ලෙස ඇෆ්ගනිස්තානයේ වයස අවුරුදු 10ට වැඩි දැරියන් සඳහා පාසල් අධ්‍යාපනය තහනම් කිරීමට තලෙයිබාන් පාලනය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට පළාත් කිහිපයක මේ වන විටත් අදාළ තහනම ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව අවුරුදු 10ට අඩු දැරියන් පාසල් හෝ අධ්‍යාපන ආයතන සඳහා ඇතුළත් කර නොගන්නා ලෙස තලෙයිබාන් පාලනය විසින් අදාළ බලධාරීන් වෙත දැනුම් දී ඇති බව සඳහන් වේ.

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය ලබාගැනීමත් සමග කාන්තාවන්ගේ අධ්‍යාපනය අයිතිය ඇතුළු අයිතීන් රැසක් අහිමි කිරීමට පියවර ගෙන ඇති අතර රූපලාවන්‍යාගාර, කායවර්ධන ස්ථාන හා උද්‍යාන වෙත යෑම පවා කාන්තාවන්ට තහනම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.