අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් දිවයිනට

ෆික් මහරට රැඳී සිටින ඔහු තොරතුරු සහ සන්නිවේදන ආරක්ෂණය, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් නිදහස පිළිබඳ දේශන කිහිපයක් ද පැවැත්වීමට නියමිතව තිබේ

අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපතිවරයා වන නතානියල් සී ෆික් මහතා එළඹෙන 20 වන දින මෙරට සංචාරය කිරීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන්දියාවේ බැංග්ලෝර්හි පැවැත්වෙන ජි-20 ඩිජිටල් ආර්ථික අමාත්‍ය රැස්වීමේ අමෙරිකානු ප්‍රධානියා ලෙස ඔහු අද (17) දිනයේ සිට ලබන 20 වන දින දක්වා ඉන්දියාවේ ද සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ෆික් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමග සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අගෝස්තු 23 වන දින දක්වා මෙරට රැඳී සිටින ඔහු තොරතුරු සහ සන්නිවේදන ආරක්ෂණය, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් නිදහස පිළිබඳ දේශන කිහිපයක් ද පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published.