රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේන සටන්කාමීන් 4ක් මරුට

යුක්‍රේනයේ සිට රුසියානු දේශසීමාවට ඇතුළුවීමට උත්සාහ කළ යුක්‍රේන සටන්කාමීන් සිව්දෙනෙකු රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුසියානු ආරක්ෂක අංශ පැවසුවේ යුක්‍රේන ඔත්තුකරුවන් විසින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය දේශසීමාවට ඇතුළු වීමට උත්සාහ කළ  අවස්ථාවේ ප්‍රහාරය එල්ල කළ බවය.

මීට පෙර අවස්ථාවකදී ද යුක්‍රේන සටන්කාමීන් රුසියානු දේශසීමාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වීමට රුසියානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.

මේ අතර රුසියාව අත්පත් කරගෙන සිටි යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයට අයත් ගම්මානයක් ඉන් මුදා ගැනීමට කටයුතු කළ බව යුක්‍රේනය පවසයි.

යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රධානියා විසින් ඊයේ (16) දිනයේ මේ පිළිබඳ තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published.