ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

ආදායම් බදු අඩුකිරීම ඇතුළු ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබඳ විරෝධය පළ කරමින් වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබේ.

මේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි ආරක්ෂාවක් යොදා ඇත

විරෝධතාවට සහභාගී වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයේ දී තම ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට ආණ්ඩුව පොරොන්දු වුව ද මෙතෙක් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published.